Tuesday, October 13, 2015

ග්‍රෑම් විස්සක් විතර සතුටුයි!


මට ගොඩාක් සතුටුයි!
ගොඩක්?
ග්‍රෑම් විස්සක් විතර සතුටුයි!
ඊයේ මම බලපු ෆිල්ම් එකට කිලෝවොට් හතරක් වගේ හිනා ගියා.
මට අරුත් එක්ක තරහයි එකසිය ගානට!
අපේ පූසා පැටව් දාලා.
කොහොමද පැටව් ලස්සනද?
මීටර් දෙසීයකට වඩා ලස්සනයි!



මානව චින්තනයෙන් නිපදවුනු භාෂාවට මානව චින්තනය සන්වේදනය කිරීමට අපහසුවී සංඛ්‍යාතම දත්ත ඉතා හොඳීන් සංවේදනය කිරීමට හැකිවීම සරදමකි...

Monday, October 12, 2015

කව්ද? කාටද?















හම්ම්..
ඇයි හම්ම්ම් හම්ම්ම් ගාන්නේ?
ආදරෙයි නේද?
කව්ද? කාටද?
උඹ! ඒකිට! නෑ එයාට.
ඒකි මේකි ගාන්ඩ එපා.
වැරදුනා!
හරි කමක් නෑ.
ඉතින් ආදරෙයි නේද?
දන්නේ නෑ.
බස් එකේ ජනේලේ ගාව වාඩි වෙලා ජනේලෙන් එලිය බලන් ඉන්නකොට?
මම කල්පනා කරන්න් ආසම විදිහ. පොඩි කාලේ ඉඳලා ගොඩක් වෙලා බස් එකේ ගමන් වලටම ගත කරපු නිසාද මන්දා; ඒත් මම ගොඩක් දේවල් ගැන හිතන්නේ එහෙම තමා. ඒත් මෙතනට ඒක අදාළ නෑ නේද?
අදත් ගෙදර ආවේ ජනේලේ ගාව වාඩි වෙලානේ?
ඔව් ඉතින්.
මොනවා ගැනද කල්පනා කරේ අද?
ගොඩක් දේවල්.
උඹ මට බොරු කියනවානේ.
මොකක්ද මම කිව්ව බොරුව? මම කිව්වාද එයා ගැන මතක් වුනේ නෑ කියලා?
මම ඇහුවද එයා ගැන කල්පනා කරාද කියලා?
නෑ ඉතින්. එත් ඒකනේ උඹ අහන්ඩ ගියේ.
ඒත් මම එහෙම ඇහුවාද?
නෑ තමා. ඒත්.
ඒත් මේත් නෙමෙයි. ඒ කියන්නේ දැනුත් උඹ ඒකි ගැන කල්පනා කරේ!
ඒකි?
හරි හරි එයා.
හරි කල්පනා කරා. ඒක බොහෝම ස්වාභාවික දෙයක්. අපිට හිත නවත්තන්න බෑනේ! ඒත් ඒකෙන් කියන්න පුළුවන්ද මම ආදරෙයි කියලා. අඩුම තරමේ මම එයත් එක්ක කතා කරන්නේ කොච්චර අඩුවෙන්ද?
හැම සතියේම, හැම ඉරිදාම එකම වෙලාවට කතා කරන්නේ.
ඔව් ඉතින් සතියට සැරයයිනේ! ඕක මහ ලොකු දෙයක්ද?
ඒක විතරක් නම් එච්චර ලොකු දේකුත් නෙමෙයි. ඇයි හරියටම කාල සටහනකට වගේ ඕක කරන්නේ?
වැඩිය කතා කරලා වදයක් වෙන්ඩ හිතෙන්නේ නෑ.
ඉතින් කතා නොකරම හිටපන්කෝ!
එහෙමත් බෑ.
උඹ මොනවාද කතා කරන්නේ?
සතිය තිස්සේ වෙච්ච දේවල්. සතිය දිගටම එයාට කියන්න ඕනි කියලා මතක තියාගත්ත දේවල්, සතිය දිගටම මොකක් හරි වෙද්දී එයත් හිටියානම් මොනවා කියයිද කියලා හිතෙන දේවල් තව....
හම්ම්..

හම්ම්ම්ම්ම්ම්.....